විස්තරය සීවලී එදිරිවීර. චායාරූප හර්බට් පෙරේරා විසින්
රන් මහ සටන ලෙස හැඳින්වෙන කොළඹ ඩී.එස්.සේනායක විදුහල හා මහානාම විදුහල අතර 20 වැනි වරටත් නැවැත්වෙන මහ ක්රිකට් තරඟය මැයි 8,9,10 යන දිනයන්හී කොළඹ එස්.එස්. සී පිටියේදී පැවැත්වෙයි.
මෙතෙක් පවත්වා ඇති තරඟ 19 න් 18 ක්ම අවසන් වී ඇත්තේ විසඳුමකින් තොරවය. තීරණයක් ලැබුණු එකම තරඟය 2014 දී බිනුර ප්රනාන්දු ගේ නායකත්වයෙන් ඩී.එස්.සේනානායක විදුහල හිමි කරගෙන ඈත.
මෙවර ඩී.එස්.සේනායක විදුහල් පිල රන්දිෂ බණ්ඩාරනායක විසින් මෙහෙයවන අතර මහානාම විදුහල් පිලට නායකත්වය ලබා දෙන්නේ දුල්නිත් සිගේරා විසිනි.
මෙම තරගාවලියට තුන්දින තරගයක්, එදින ක්රිකට් තරඟයක් හා පන්දු වාර 20 තරඟයක් ඇතුළත් වන අතර ඊට ප්රධාන අනුග්රහකත්වය හිමිව ඇත්තේ අබාන්ස් ආයතනයෙනි.
පසුගියදා ඔවුන් එම අනුග්රාහක චෙක්පත ඩී.එස්.සේනායක විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාට සහ මහානාම විදුහල්පතිනී සඳමාලි බණ්ඩාර මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.
මහානාම විදුහල් පිලේ නායක දුල්නිත් සිගේරා සහ චාමික හීනටිගල මේ වසරේ අවුරුදු 19යෙන් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.
මෙවර පාසල් ක්රිකට් තරග වාරයේදී ඩී.එස්.සේනානායක විදුහල පූර්ණ ජයග්රහණ 2ක්ද මහානාම විදුහල පූර්ණ ජයග්රහණ 3 ක්ද ලබා ඇත.
දෙපිල අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරගාවලියේදී මහානාම විදුහල තරග 12 ක් හා ඩී.එස්.සේනානායක විදුහල තරඟ 4 ක් ජයග්රහණය කර ඇත.
මහානාම විදුහල දිනා ඇති තරඟ 12 න් 8 ක්ම ජයගෙන ඇත්තේ එක දිගටය.
පසුගිය වසරේ ආරම්භ කළ පන්දු වාර 20 ක්රිකට් තරඟයද ජයගෙන ඇත්තේ මහානාම විදුහල් විසිනි
පළමු වරට මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා විදුහල් දෙකේම නියෝජනය සහිත ඒකාබද්ධ මණ්ඩලයකින් වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.
මෙම තරඟාවලියට අයත් තුන්දින තරගය මැයි 8,9, හා 10 යන දිනයන්හිදී ද එක්දින තරඟය මැයි 17 වැනි දිනද එස්.එස්. සී ක්රීඩාංගනයේද්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.ප්රධානම තරඟය තුන් දින තරගයක් ලෙස පවත්වනු ලබන්නේ දෙවැනි වරටය.
මෙවර තුන්දින තරඟය මැයි 8,9,10 දිනයන්හිද, එක්දින තරඟය මැයි 17 වැනි දින එස්.එස්. සී පිටියේදී ද පැවැත්වෙන අතර පන්දු වාර 20 තරඟය පවත්වනු ලබන්නේ මැයි 22 දින සී. සී. සී පිටියේදීය.
(අබාන්ස් ආයතනයේ අනුග්රාහක චෙක්පත ඩී එස් සේනානායක විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාට සහ මහානාම විදුහලේ විදුහල්පතිනී සඳමාලි බණ්ඩාර මහත්මියට පිරිනැමූ අවස්ථාව)




5 Responses
https://shorturl.fm/BKxCN
https://shorturl.fm/lhWkQ
https://shorturl.fm/osxNh
https://shorturl.fm/YJfM2
https://shorturl.fm/BH0MY